ස්වාධින ඇගයුම්කරු විසින් AFCA සේවාවේ ප්‍රමිතිය සම්බන්ධයෙන් වන පැමිණිලි විමර්ශනය කරන අතර, AFCAහි අභ්‍යන්තර පැමිණිලි ක්‍රියාවලියෙන් ස්වාධීනව කටයුතු කරයි. මූල්‍ය ආයතන පැමිණිල්ලක් සම්බන්ධයෙන් AFCAහි යෝග්‍යතාව හෝ තත්ත්වය පිළිබඳව සමාලෝචනය කිරීමට ස්වාධීන ඇගයුම්කරුට බලය නොපවතියි.

AFCAහි සේවාව සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් ස්වාධීන ඇගයුම්කරු විසින් සමාලෝචනය කර ඇගයීමට ලක් කර ඇති විට, ඔවුන්ගේ සොයාගැනීම් හා නිර්දේශ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කළ හැකි නොවේ.

ස්වාධීන ඇගයුම්කරු යනු කවරෙක්ද ?

ස්වාධීන ඇගයුම්කරු AFCA මණ්ඩලය විසින් පත් කර ඔවුන් වෙත වාර්තා කරන අතර, ස්වාධීන ඇගයුම්කරුගේ සේවා කොන්දේසිවලට අනුව කටයුතු කරයි. ස්වාධීන ඇගයුම්කරු AFCAහි එදිනෙදා කටයුතුවල කොටසක් නොවන අතර, AFCAහි ජ්‍යෙෂ්ඨ කළමනාකරණයට හා ප්‍රධාන ඔම්බුඩ්ස්මන්ට පිළිතුරු නොසපයයි.

AFCA හි වර්තමාන ස්වාධීන ඇගයුම්කරු වන්නේ Melissa Dwyer (මෙලිසා ඩවුයර්ය). මෙලිසාට පෞද්ගලික, රාජ්‍ය හා ලාභ නොලබන ක්ෂේත්‍රවල ‌වසර 20කට අධික පළපුරුද්ද සහිත වන අතර පාලනය, අභ්‍යන්තර විගණනය හා පරිපූර්ණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විශේෂඥතාවක් තිබේ. ඇය වික්ටෝරියානු අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තු වේ ප්‍රධාන විගණන අධීක්ෂක ලෙස කටයුතු කර ඇති අතර ස්වාධීන මණ්ඩල පාදක දූෂණ විරෝධී කොමිසම විසින් කළ විමර්ශනවලින් අනතුරුව පරිපූර්ණ ප්‍රතිසංස්කණ වැඩසටහන සකස් කර ඇත්තේ ද ඇය විසිනි.

ස්වාධීන ඇගයුම්කරු වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැක්කේ කාටද ?

AFCA මූල්‍යායතන සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය නිසා ඍජුව ම බලපෑමට ලක් වී සිටින කවර හෝ පුද්ගලයකුට හෝ ව්‍යාපාරයකට ස්වාධීන ඇගයුම්කරු වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. මෙයට පහත දැක්වෙන අය ඇතුළත් වේ:

  • පැමිණිලිකරුවන්
  • මූල්‍ය ආයතන
  • නියෝජිතයන්
  • ඒකාබද්ධ පාර්ශ්ව.

ස්වාධීන ඇගයුම්කරුට ඇගයීමට ලක් කළ හැකි පැමිණිලි

පැමිණිල්ලක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී AFCA විසින් සපයන ලද සේවා ප්‍රමිතිය ගැන ස්වාධීන ඇගයුම්කරුට ඇගයීම් සිදු කළ හැකිය. මෙයට පහත දැක්වෙන දේ ඇතුළත් වන අතර එය මේවාට පමණක් සීමා නොවේ:

  • කාර්යමණ්ඩලයේ වෘත්තීයමය බව, නිපුණතාව හා ආකල්ප ගැන
  • සන්නිවේදනය
  • සාධාරණයත්වය හා අපක්ෂපාතීබව
  • වේලාවට අනුව කටයුතු කිරීම
  • AFCA’හි ක්‍රියාවලි අනුගමනය කරමින් කටයුතු කිරීම.

ස්වාධීන ඇගයුම්කරුට සලකා බැලිය නොහැකි පැමිණිලි

පහත දැක්වෙන පැමිණිලි සම්බන්ධයෙන් ස්වාධීන ඇගයුම්කරුට සලකා බැලිය නොහැක:

  • මූල්‍ය ආයතනයක් හෝ පැමිණිලිකරුවෙකු සිදු කරන හෝ නොකරන ‌කටයුතු
  • මූලික ඇගයීම්, නිර්ණයනයන් හෝ නීතිමය තීරණ ඇතුළු AFCAහි තීරණ හා සොයාගැනීම්
  • පද්ධතිමය ගැටලුවක් සම්බන්ධයෙන් AFCA විසින් කටයුතු කර ඇති ආකාරය
  • මූල්‍ය ආයතන වෙත ලබා දෙන ලද AFCA ගාස්තු සම්බන්ධව.

ස්වාධීන ඇගයුම්කරුට AFCA හි තීරණයක් වෙනස් කිරීම සිදු කළ නොහැක

මූල්‍ය ආයතනයක පැමිණිල්ලක් සම්බන්ධයෙන් වන නිර්ණනයක් හෝ නීතිමය තීරණයක් වෙනස් කිරීමට හෝ ඉක්මවා යෑමට ස්වාධීන ඇගයුම්කරුට හැකියාව නැත. එය මූල්‍ය සමාගමක/ආයතනයක තීරණයක්, කරුණු මත පදනම් වන විනිශ්චයන් හෝ කුසලතාවන් සම්බන්ධ අභියාචන හෝ සමාලෝචන යාන්ත්‍රණයක් නොවේ.

ස්වාධීන ඇගයුම්කරු විසින් ලබා දිය හැකි ප් රතිඵල

ඔබේ පැමිණිල්ල සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී AFCA විසින් සේවා ප්‍රමිතීන්ට අනුකූලව එය සිදු කර නැති බව ස්වාධීන ඇගයුම්කරු විසින් සොයා ගනු ලැබුව හොත්, ඔවුන්ට පහත දැක්වෙන ආකාරයන් ගෙන් AFCAහි ප්‍රධාන ඔම්බුඩ්ස්මන් වෙත නිර්දේශ සිදු කළ හැකිය:

  • දුර්වල සේවාව ගැන AFCA කණගාටුව පළ කරන ලෙස
  • දුර්වල සේවාව නිසා ඇති වූ සිත්තැවුල් හා අපහසුතා වෙනුවෙන් මූල්‍යමය නොවන ප්‍රතිපූර්ණ ප්‍රමාණයක් AFCA විසින් ලබා දිය යුතු ලෙසට
  • සේවා සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් AFCA විසින් වෙනත් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට.

ඔබට ස්වාධීන ඇගයුම්කරු වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක්කේ කුමන අවස්ථාවල දීද

ස්වාධීන ඇගයුම්කරු විසින් සේවා පැමිණිල්ලක් සලකා බැලීමට පෙර පහත දැක්වෙන කරුණු අදාළ වේ:

  1. ඔබේ අදාළ මූල්‍ය ආයතන පැමිණිල්ල වසා දමා ඇති බව (සුවිශේෂ තත්ත්වයන් අදාළ වන්නේ නම් හැර)
  2. ඔබේ ගැටලු ආමන්ත්‍රණය කිරීමට AFCA ට අවස්ථාවක් ලබා දී ඇති බව (ඔබ විසින් ඔබේ පැමිණිල්ල මුලින් AFCA වෙත යොමු කර ප්‍රතිචාරයක් ලැබී තිබිය යුතුය)
  3. ඔබට AFCA හි සේවා පැමිණිලි ප්‍රතිචාරය ලැබී මාස තුනක් නොඉක්මවා ඇති බව.
Sorry, we’re currently offline.

Would you like to end your chat with AFCA?

Please bear in mind that your conversation will not be saved.

AFCA chat service terms and conditions

Welcome to our live chat help service.

Please be advised we cannot provide you with financial or legal advice. However, we may be able to refer you to a community legal centre or financial counselling service if you need help.

Our live chat is operated by Genesys Cloud on behalf of AFCA. Any personal information provided in this chat will be captured by both organisations in accordance with their privacy policies, available at www.afca.org.au/privacy and www.genesys.com/company/legal/privacy-policy

Offline

We provide consumers and small businesses with fair, free and independent dispute resolution for financial complaints.

Please enter your details to start your chat with an AFCA representative.

Please enter your name
Please enter a valid email address
Please enter a valid phone number

We provide consumers and small businesses with fair, free and independent dispute resolution for financial complaints.

Welcome to our live chat help service.

An agent should be with you shortly.