ඔබේ පසුපෙවුම් අපි අගය කොට සළකමු. අපගේ සේවාව ගැන ප්‍රශංසා, යෝජනා හා චෝදනා අපට වැඩිදියුණු වීමට උපකාරී වේ.

අපගේ පාරිභෝගිකයන්ට විශිෂ්ඨ සේවයක් ලබා දීමට අප කැපවී සිටින නමුත් සමහර අවස්ථාවල වැරදීම් සිදු විය හැකි බව අපි දැන සිටින්නෙමු. මෙය සිදු වුවහොත්, ඔබට ඒ ගැන අපට දැනුම් දිය හැකිය.

මෙම පිටුවෙන් පහත දැක්වෙන දේ පැහැදිලි කරයි:

  • අප පැමිණිල්ලක් ගැන කටයුතු කළ ආකාරය ගැන අපට පසුපෙවුම් ලබා දීම, හා/හෝ
  • අපගේ පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් ‌සිදු කිරීම

අපගේ සේවා පැමිණිලි හා පසුපෙවුම් ක්‍රියාවලිය මගින් මූල්‍ය ආයතනයක ප්‍රතිඵලය (පැමිණිල්ලක් ගැන අප විසින් ගන්නා ලද අවසාන තීරණය ඇතුළුව) සම්බන්ධයෙන් පමණක් වන අවස්ථා ආවරණය නොකරන අතර අප විසින් ඔබට සේවා සැපයූ ආකාරය ගැන පමණක් ආවරණය කෙරේ. AFCA විසින් නිර්යණයක් ලබා දුන් විට එය පැමිණිල්ලක් සම්බන්ධ වන අවසාන තීරණයක් වේ. මේ සම්බන්ධයෙන් AFCA වෙත අභියාචනා කිරීමක් කළ නොහැක.

ඔබට අප වෙත පසුපෙවුම් ලබා දිය හැක්කේ කෙසේද

ඔබට අපෙන් ප්‍රතිචාරයක් අවශ්‍ය නොවන අවස්ථාවල දී පසුපෙවුම් ලබා දිය හැකි සරල ම ආකාරය වන්නේ අපගේ මාර්ගගත ආකෘති පත්‍රය පුරවා, එය ප්‍රශංසාවක් ද යෝජනාවක් ද යන බවට තෝරා ඉදිරිපත් කිරීමයි. එසේම ඔබට ඊමේල් පණිවුඩ, දුරකථන මාර්ගයෙන් හෝ ලිඛිතව ඔබේ අත්දැකීම බෙදා ගැනීමේ හැකියාව පවතියි.

අපගේ සේවාව ගැන පැමිණිලි කළ හැක්කේ කෙසේද

අප විසින් ඔබට සපයන සේවාව ගැන ඔබ පැමිණිල්ලක් ඉදිපත් කළ හොත් අප විසින් එය විමර්ශනය කර ඍජුව ම ඔබ සමග ගැටලුව නිරාකරණය කර ගැනීමට උත්සාහ කරන්නෙමු. එසේ කිරීමට නොහැකි අවස්ථාවල දී, AFCA හි ස්වාධින ඇගයුම්කරු විසින් ඔබේ සේවා පැමිණිල්ල ස්වාධීනව සමාලෝචනය කර, ඉදිරිපත් කර ඇති සේවා ගැටලු ආමන්ත්‍රණය කිරීමට අප විසින් කළ යුතු දේ නිර්දේශ කිරීමට ඉඩ ඇත.

අපගේ සේවාව සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ඔබට පහත දැක්වෙන සේ සිදු කළ හැකිය:

  • පළමුව ඔබ කටයුතු කළේ කා සමග ද යන්න පුද්ගලයාට පවසන්න. සාමාන්‍යයෙන් ඔබ පාරිභෝගිකයකු හෝ AFCA මූල්‍ය ආයතන සාමාජිකයකු නම්, ඒ ඔබ සමග කටයුතු කරන වෘත්තිකයා වේ. බොහෝ අවස්ථාවල දී ඔවුන්ට ඒ අවස්ථාවේ දී ම ගැටලුව විසඳීමට හැකි වනු ඇත.
  • අප විසින් ඔබේ ගැටලුවට විසඳුමක් සැපයූ බව ඔබ නොසිතන්නේ නම්, ඔබේ සේවා පැමිණිල්ල ගැන සලකා බලන ලෙස කළමනාකරුවකුගෙන් ඉල්ලා සිටිය හැකිය.
  • නැත්නම් ඔබට අපගේ මාර්ගගත පසුපෙවුම් ආකෘති පත්‍රය සම්පූර්ණ කර “AFCA සේවා පැමිණිලි ගැන”යන්න තේරිය හැකිය. වැඩකරන දින කිහිපයකින් ඔබට වෙන ම යොමු අංකයක් ලැබෙනු ඇත.

ඇමතිය යුත්තේ කාවදැයි ඔබට නිසැක නැත්නම් 1800 931 678 ඔස්සේ අප ඇමතීමෙන්, උපකාර කළ හැකි කෙනෙකු සමග ඔබ සම්බන්ධ කිරීමට අපට හැකි වනු ඇත.

අපගේ සේවාව පිළිබඳ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අප කටයුතු කරන්නේ කෙසේද ?

අපගේ සේවාව ගැන ඔබ පැමිණිල්ලක් ඉදිරිපත් කළ හොත්, අප විසින් එය විමර්ශනය කර ඔබ පෙන්වා දෙන ලද ගැටලු ගැන සලකා බලා ඒවාට ප්‍රතිචාර දැක්වීම සිදු කරනු ලැබේ.

ඔබේ පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර කටයුතු කිරීමට අවශ්‍ය නම්, ඔබට උචිත විසඳුමක්‌ සොයා ගන්නා තෙක් අපි ඔබ සමග කටයුතු කරන්නෙමු.

අදාළ මූල්‍ය ආයතන පැමිණිල්ල වසා දැමීමෙන් පසු මාස හයක් ඇතුළත අපගේ සේවා සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කළ යුතුය.

ඔබට පැමිණිලි කළ හැක්කේ කුමන සේවා ගැටලු සම්බන්ධයෙන්ද

අපගේ සේවාව ගැන පහත දැක්වෙන ආකාරයන් හි පැමිණිලි අපි සළකා බලන්නෙමු:

  • AFCA ‌සේවා නියුක්තියන්ගේ වෘත්තීයමය බව, නිපුණතාව හා ආකල්ප ගැන
  • සන්නිවේදනය
  • සාධාරණයත්වය හා අපක්ෂපාතීබව
  • වේලාවට අනුව කටයුතු කිරීම
  • අපගේ ක්‍රියාවලි පිළිපැදීම.

පැමිණිලි කළ හැක්කේ කාටද

පාරිභෝගිකයෙකුට හා මූල්‍ය අයතනයක් සමග අපට එරෙහිව පැමිණිලි කර ඇති කුඩා ව්‍යාපාරයකට හෝ AFCA හි සමාජිකයකු වන මූල්‍ය ආයතනයකට අපගේ සේවය ගැන පැමිණිලි කළ හැකිය.

සේවා පැමිණිල්ලක දී අපට සලකා බැලිය නොහැකි දේ මොනවාද

මූල්‍ය ආයතන පැමිණිල්ලක ප්‍රතිඵලයක් ගැන පමණක් වන අපගේ සේවාව සම්බන්ධ පැමිණිලි ගැන අපට සලකා බැලිය නොහැක.

උදාහරණයක් ලෙස පහත අවස්ථාවල දී:

  • අපගේ නීතිමාලාවට බාහිරව පවතින නිසා අපට ඔබගේ මූල්‍යාතන පැමිණිල්ල ගැන සලකා බැලීමට නොහැකි යැයි ඔබ සිතන්නේ නම්, හෝ
  • අප විසින් නිකුත් කරන ලද තීරණයක් නිසා හෝ ප්‍රතිඵලයක් ගැන ඔබ අසතුටට පත් වන්නේ නම්.

මෙවැනි කරුණු සම්බන්ධයෙන් අපගේ සේවා පැමිණිලි ක්‍රියාවලිය ඔස්සේ අපි සලකා බැලීම සිදු නොකරන්නෙමු.

ඔබේ සේවා පැමිණිල්ලේ දී ඔබ විසින් සැපයිය යුත්තේ කිනම් තොරතුරුද

අපගේ සේවාව ගැන මාර්ගගතව පසුපෙවුම් සැපයීමේ දී ඔබ හැකි තරම් විශේෂිතව තොරතුරු සැපයිය යුතු අතර ඔබේ අදහස්වලට සහයෝගය දක්වන්නා වූ ‌යම් යම් තොරතුරු සැපයිය යුතුය. ඔබ හා ඔබ සමග කටයුතු කරන AFCA වෘත්තිකයා අතර හුවමාරු වූ ඊමේල් පණිවුඩ හෝ දුරකථන ඇමතුම් ගැන විස්තර, අප විසින් ඔබ වෙත ලබා දුන් ලියකියවිලි හා ඔබ විසින් අප වෙත ලබා දුන් ලියකියවිලි මෙම තොරතුරුවලට ඇතුළත් විය හැකිය.

සේවා පැමිණිල්ලක් සඳහා අප විසින් ලබා දිය හැක්කේ කුමන ආකාරයේ ප් රතිඵලද

අපගේ සේවාව පිළිබඳ පැමිණිලි සම්බන්ධයෙන් වන ප්‍රතිඵල හා විසඳුම් ගණනාවක් වේ. මේවාට පහත දැක්වෙන දේ ඇතුළත් වේ:

  • අපගේ ක්‍රියාවලිය පැහැදිලි කිරීම හා ‌ඔබේ පැමිණිල්ල ගැන අප විසින් කටයුතු කරන ලද ආකාරය පිළිබඳ තොරතුරු
  • ඔබ විසින් මතු කරන ලද ගැටලුවක් විසඳීම
  • අප විසින් සේවා ප්‍රමිතීන් පවත්වාගෙන නැත්නම් ඒ ගැන කණගාටුව පළ කිරීම
  • ඔබේ මූල්‍යායතන පැමිණිල්ල ගැන අප කටයුතු කරන ආකාරය වෙනස් කිරීම
  • ගැටලු නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම
  • අපගේ පුද්ගලයන් පුහුණු කිරීම
  • සුදුසු අවස්ථාවල දී මූල්‍යමය නොවන පාඩු සඳහා හානිපූරණය සිදු කිරීමට ඉඩ ඇත.

ඔබගේ සේවා පැමිණිල්ල සම්බන්ධයෙන් ඔබ තවමත් අසතුටින් පසුවේ නම් ඔබට කළ හැක්කේ කුමක්ද

ඔබගේ පැමිණිල්ල සම්බන්ධ අපගේ ප්‍රතිචාරය ගැන ඔබ අසතුටට පත් වේ නම්, ස්වාධීන ඇගයුම්කරුට ඔබේ පැමිණිල්ල ඉදිරිපත් කළ හැකිය.

අප සේවාව සම්බන්ධ පැමිණිලි ගැන කටයුතු කිරීමට AFCA මණ්ඩලය විසින් ස්වාධීන ඇගයුම්කරුවකු පත්කර තිබේ. 

ස්වාධීන ඇගයුම්කරු

අපේ සේවාව පිළිබදව ඔබේ ප්‍රතිපෝෂණය (ශුභාශිංසන, යෝජනා හෝ පැමිණිලි) අප වෙත යොමු කිරීම සදහා ප්‍රතිපෝෂණ ආකෘති පත්‍රිකාව පුරවන්න (PDF ආකෘති පත්‍රිකාව).

Sorry, we’re currently offline.

Would you like to end your chat with AFCA?

Please bear in mind that your conversation will not be saved.

AFCA chat service terms and conditions

Welcome to our live chat help service.

Please be advised we cannot provide you with financial or legal advice. However, we may be able to refer you to a community legal centre or financial counselling service if you need help.

Our live chat is operated by Genesys Cloud on behalf of AFCA. Any personal information provided in this chat will be captured by both organisations in accordance with their privacy policies, available at www.afca.org.au/privacy and www.genesys.com/company/legal/privacy-policy

Offline

We provide consumers and small businesses with fair, free and independent dispute resolution for financial complaints.

Please enter your details to start your chat with an AFCA representative.

Please enter your name
Please enter a valid email address
Please enter a valid phone number

We provide consumers and small businesses with fair, free and independent dispute resolution for financial complaints.

Welcome to our live chat help service.

An agent should be with you shortly.